Thursday, November 12, 2009

ලංවිම ශ්‍රම විදුලි සේවකයන් කියන්නේ කවුද?

වසර 1994 සිට ශ්‍රමබල සැපයුම්කරුවන් හරහා වරින් වර ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි සේවාවන් සඳහාත්, කාර්යාලීය හා අනෙකුත් සේවාවන් සඳහාත් බඳවා ගන්නා ලද අප සෘජුවම මණ්ඩලයේම සේවාවන් වල වසර 10, 09, 06, 05, 03 දක්වා වූ කාල පරිච්ඡේදයන් පසු කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සහෝදර සේවකයක් සමග සේවයේ යෙදෙමින් විදුලි සේවාවන් වල මනා පුහුණුවක් ලද මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම මොහොතක තම නිපුණතාවය ලබා දීමට කැප වී ක්‍රියා කරන ‍සේවක ‍කොටසකි.

එසේම ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් අපට ලබා ගත හැකි උපරිමය වූ අ.පො.ස.(සා.පෙළ) විභාගය සහ අ.පො.ස.(උ.පෙළ) හදාරා විශ්ව විද්‍යාල වලට යාමට වරම් නොලද අප රජයේ කාර්මික විද්‍යාල වලින් සහ තාක්ෂණික ආයතන වලින් පාඨමාලා හදාරා එයින් ලබාගත් දැනුම ද සමග විදුලි බල මණ්ඩලයට එකතු වීමෙන් වසර ගණනාවක් සේවයේ යෙදෙමින් එහි දී ලබා ගත් මනා දැනුම සහිත 3000ක් පමණ පුහුණු සේවක පිරිසකි. අද වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සේවාවන් වල අධි සැර/වැඩි සැර/නඩත්තු/බිඳවැටුම්/පුනරුත්ථාපන සහ කැනීම් කටයුතු සඳහා ද, මණ්ඩලයට ආදායම එකතු කරමින් අයපත්කරු ලෙසිනුත්, කාර්යාලීය පරිගණක/ගිණුම් කටයුතු/පාරිභෝගික සේවාවල සිට රියදුරු දක්වා ද සේවයේ යෙදී සිටිමින් සමස්ථ රටටත් ජනතාවටත් මහඟු සේවයක් ඉටු කරමින් සිටිමු.

2 comments:

  1. කෝ ඉතිං මහ සේනාවක් හිටියත් වැඩක් නෑනෙ නිතරම ලයිට් නැත්තං. ඇත්තටම ඔය ළමයි ඔෆිස් එකේ මොනවද කරන්නනෙ? අයිස් නේද?

    ReplyDelete
  2. ammapa habawa . .. me anonymous kiyannahe . . . moko nitarama light natte???

    ReplyDelete